spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල් ජනපති ධුරයේ දිවුරුම්දීම අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස අද (15) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ බවට නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (15) උදෑසන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් තමන් වෙත ලැබුණු බව කථානායකවරයා ඊයේ (14) රාත්‍රියේ නිවේදනය කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම යන මැයෙන් ඊයේ දිනයේ සමාජ මාධ්‍යවල සංසරණය වූ ලිපිය ව්‍යාජ එකක් බවයි ජනාධිපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?