රනිල් ජනපති ධුරයේ දිවුරුම්දීම අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස අද (15) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ බවට නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (15) උදෑසන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් තමන් වෙත ලැබුණු බව කථානායකවරයා ඊයේ (14) රාත්‍රියේ නිවේදනය කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම යන මැයෙන් ඊයේ දිනයේ සමාජ මාධ්‍යවල සංසරණය වූ ලිපිය ව්‍යාජ එකක් බවයි ජනාධිපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56