රදැල්ල කෙටි මාර්ගයේ දී තවත් අනතුරක්, තිදෙනෙකුට බරපතලයි (ඡායාරූප)

නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් රදැල්ල කෙටි මාර්ගයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් ව තිබෙනවා.

ඊයේ (14) රාත්‍රී 7.30ට පමණ නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වතුයායේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණුවක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ පසුගියදා පාසල් ළමුන් ගමන් ගත් බස් රථයක් සහ තවත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ ස්ථානයේ ම මෙම අනතුර සිදුව ඇති බවයි.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ (14) රාත්‍රියේ ඇතුළත් කෙරුණා.

අනතුරෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35