spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට පුරා ලියාපදිංචි වෙසක් දන්සැල් 7,000ක් – පාචනය රෝගය පැතිරයාමේ අවදානමක්

වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය සඳහන් කළේ ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් ද සොයාබැලීමට කටයුතු කරන බවයි.

මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් පමණ යොදවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දන්සැල් ආශ්‍රිතව පාචනය වැනි රෝග පැතිරයාමේ හැකියාව පවතින බවයි එම සංගමය පැවසුවේ.

ඒ, අනුව ඒ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන්න ලෙස ද මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?