රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය (වීඩියෝ)

ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය හිමිවී තිබෙනවා.

උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බව ද ඔහු පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන අතර එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදී වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවයි කියා සිටියේ.

උතුරු පළාතේ පවතින ආගමික එකමුතුව ආරක්ෂා කිරීමට සියලු දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ද කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ආගමික සහජීවනය වෙනුවෙන් රජය ගත යුතු පියවර පිළිබඳ එහි සියලු ආගමික නායකයන් සමග සාකච්ඡා කර තමා වෙත දන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරියට උපදෙස් දෙනු ලැබුවා.

උතුරු පළාතේ සියලු ජන කොටස්වල ආගමික අයිතීන් සුරක්ෂිත කරමින් එම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ උදාකර දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ආගමික නායකයන්, නිරන්තරයෙන් උතුරට පැමිණෙමින් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට කටයුතු කිරීම පිළිබඳව ද කෘතවේදීවත්වය පළ කළා.

එසේම රටේ ආගමික සහජීවනය සුරක්ෂිත කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළටද ආගමික නායකයන් සිය ආශිර්වාදය පළ කර තිබෙනවා.

යාපනයේ අන්තර් ආගමික කමිටුව විසින් යෝජනා මාලාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවා.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා කිසිදු ආගමකට අසාධාරණයක් නොවන ආකාරයට සර්ව ආගමික දෙපාර්තමේන්තුව යටතේ වැඩ කටයුතු සිදු කරන බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05