spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජ ගමනින් ඉහල නඟින බඩු මිල….

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි කිලෝවක් මිල රු 40 කින් ඉහල දමන ලෙස සමාගම විසින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිතයන් වෙත (11) දින උදැසන දැනුම් දි ඇත.

තවත් තිරිගු පිටි සමාගමක් වන සෙරෙන්ඩිප් සමාගම තිරිගු පිටි කිලෝවක් රු 35 කින් ඉහල දමා ඇත.

තිරිගු පිටි කිලෝවක් මිට ප්‍රථම රු 120 කට අලෙවි වු අතර , නව මිල අනුව තිරිගු පිටි කිලෝවක සිල්ලර මිල රු 160 දක්වා ඉහල යන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ඩොලරයේ මිල ඉහල යාම සහ ඉන්ධන මිල වැඩිවිම තිරිගු පිටි මිල වැඩි විමට හේතුව වි ඇති බවත්,එම සමාගමේ නිලධාරියෙකු පැවසිය.

තවද මෙතෙක් රු 140 ක සිල්ලර මිලකට අලෙවි වු සිනි කිලෝවක් රු 175 කටත්,රු 720 කට අලෙවි වු පොල්තෙල් කිලෝවක් රු 1000 කටත් , රු 295කට අලෙවි වු රතු පරිප්පු කිලෝවක් රු 350 කටත් (11) දින හැටන් ප්‍රදේශයේ සිල්ලර සහ තොග වෙලදුන් අලෙවි කරනු ලබයි.

මෙයට සමගාමිව තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල යා හැකි බව හැටන් ප්‍රදේශයේ සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?