spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයට පවරා ගත යුතු මුදල් තියෙන තැන් අනුර හෙළි කරයි (වීඩියෝ)

සාමාන්‍ය ජනතාවගෙන් බදු ලබා ගැනීමට පෙර බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීමට කටයුතු කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ රටේ ආර්ථිකය කඩා බිඳ දැමූ පිරිස නොසලකා සාමාන්‍ය ජනතාවගෙන් බදු අය කර ගැනීමට රජය පියවර ගෙන ඇති බවයි.

බදු වංචා කළ පිරිසගෙන් එම බදු ලබා ගැනීමට සහ මහජනතාවගේ ධනය සොරකම් කළ පුද්ගලයන්ගෙන් ධනය පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම බදු අය කර ගැනීමකින් තොරව සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් මෙවැනි පනතක් ගෙන ඒම යුක්ති සහගත නොවන බවයි අනුර දිසානායක මහතා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?