spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජගෙදර සිට වයි-ෆයි කෝල් ගත්තු අය ගැන විමර්ශනයක්

කොටුව ජනාධිපති මන්දිරයේ ඇති වයි-ෆයි භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 09 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් මෙලෙස ඇමතුම් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව පොලිසිය මේ වන විට අදාළ දුරකථන දත්ත අධ්‍යයනය කරමින් සිටින බව සඳහන්.

මීට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඊට අලාභ හානි කළ පුද්ගලයන් 100කට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු සටහන් මේ වන විට හඳුනා ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?