spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජගෙදරින් හමු වූ කෝටි 1.7ක මුදල ගැන දේශබන්දු දුන් උපදෙස්වල හඬපට අධිකරණය ඉල්ලයි

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂයක පමණ මුදලට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්නකොන් පොලිසියට දුරකථනයෙන් දුන් උපදෙස ඇතුළත් හඬපටය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල දුරකථන සමාගමට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාල මුදල මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා වෙත භාරදෙන ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්නකොන් කොටුව පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.

අරගලකරුවන් විසින් භාර දුන් මෙම මුදල වහාම අධිකරණයට භාරදිය යුතුව තිබුණත්, පොලිසිය එම මුදල් අධිකරණයට භාරදී තිබුණේ දින ගණනාවකට පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?