යුනිසෙෆ් සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) පෙරවරුවේ සිදුවී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී යි.

මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරු ද එක්ව සිටියා.

ජාතික ජනබලවේගය වෙනුවෙන් සහභාගී වූයේ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර සහ පක්ෂ නායක අනුර කුමාර දිසානායකයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් UNICEF සංවිධානයට සතූතිය පළ කළ බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16