spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද්ධ කරන්න පොටක් පාදා ගත් පුටින්

නැගෙනහිර යුක්රේනයේ බෙදී ගිය ප්‍රදේශ 02 ක් පිළිගන්නා බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ස්වාධීන කලාප ලෙස නම් කෙරුණු ඩොනෙට්ස්ක් සහ ලුෂාන්ක් ප්‍රදේශ සඳහා රුසියානු භට කණ්ඩායම් පිටත්කර යැවීමටද ඔහුට අවස්ථාව හිමිවනු ඇති.

රුසියානු සහය හිමිවන සන්නද්ධ කණ්ඩායම් 2014 වසරේ සිටම මෙම කලාපවල සටන්වදිමින් සිටින්නේ යුක්රේන හමුදාවන්ට එරෙහිවයි.

විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ සාම සාකච්ඡා අත්හිටුවා සටන්බිමට පිවිසීමට රුසියානු ජනාධිපතිවරයා තැබූ මුල් පියවර ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි.

රුපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කලේ යුක්රේනය යනු සත්‍යය ප්‍රකාශ කරන රාජ්‍යයක් නොවන බව අතීතයේ සිටම ඔප්පු කර ඇති බවයි.

කෙසේවෙතත් ව්ලැඩිමීර් පූටින්ගේ මෙම ක්‍රියාකලාපයට පාර්ශව රැසක් දැඩි විරෝධය පළකර තිබෙනවා.

මේ අතර උද්ගතව ඇති නවතම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද අද කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?