යුද්ධ කරන්න පොටක් පාදා ගත් පුටින්

නැගෙනහිර යුක්රේනයේ බෙදී ගිය ප්‍රදේශ 02 ක් පිළිගන්නා බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ස්වාධීන කලාප ලෙස නම් කෙරුණු ඩොනෙට්ස්ක් සහ ලුෂාන්ක් ප්‍රදේශ සඳහා රුසියානු භට කණ්ඩායම් පිටත්කර යැවීමටද ඔහුට අවස්ථාව හිමිවනු ඇති.

රුසියානු සහය හිමිවන සන්නද්ධ කණ්ඩායම් 2014 වසරේ සිටම මෙම කලාපවල සටන්වදිමින් සිටින්නේ යුක්රේන හමුදාවන්ට එරෙහිවයි.

විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ සාම සාකච්ඡා අත්හිටුවා සටන්බිමට පිවිසීමට රුසියානු ජනාධිපතිවරයා තැබූ මුල් පියවර ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි.

රුපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කලේ යුක්රේනය යනු සත්‍යය ප්‍රකාශ කරන රාජ්‍යයක් නොවන බව අතීතයේ සිටම ඔප්පු කර ඇති බවයි.

කෙසේවෙතත් ව්ලැඩිමීර් පූටින්ගේ මෙම ක්‍රියාකලාපයට පාර්ශව රැසක් දැඩි විරෝධය පළකර තිබෙනවා.

මේ අතර උද්ගතව ඇති නවතම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද අද කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46