යුක්‍රේනයට මෝදි දුන් සහතිකය

ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ පැවති දුරකථන සංවාදයකදී යුක්‍රේනයේ සාමකාමී විසඳුමක් සඳහා සිය සහයෝගය අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් තහවුරු කළ බව මෝදිගේ කාර්යාලය පැවසුවා.

රුසියාව සමඟ යුද්ධයේදී සටන් විරාමයක් සඳහා යුක්‍රේනයේ ඉල්ලීමට මෝදි සහාය දුන් බවත්, චීනයේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී එම අදහස අසන්නට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සෙලෙන්ස්කි සිය රාත්‍රී ජාතිය ඇමතීමේ දී සඳහන් කළා.

යුක්‍රේනයට අදාළ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව සෙලෙන්ස්කි ඉන්දීය අගමැතිගේ දෘෂ්ටිකෝණය බෙදා ගත් බවත්, සාමය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් උත්සාහයන් සඳහා ඉන්දියාවේ සහයෝගය මෝදි අවධාරණය කළ බවත් මෝදිගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

“ඉන්දියානු-යුක්‍රේන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ ප්‍රගතිය ද නායකයින් සමාලෝචනය කළ අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රම සාකච්ඡා කළහ,” එහි සඳහන් වුණා.

“සටන් විරාමයක් අවශ්‍ය බවට වන අදහසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහාය දැක්වීම වැදගත් වන අතර එය රුසියාව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සූදානම් බවට පැහැදිලි සංඥාවක් වනු ඇත. චීනයේ පැවැත්වෙන රැස්වීමේදී මෙය අසන්නට ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” සෙලෙන්ස්කි පැවසුවා.

මෝදිගේ කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයේ සටන් විරාමයක් සඳහා වන ඉල්ලීමක් ගැන කිසිදු සඳහන් තිබුණේ නැහැ.

චීනයේ ටියැන්ජින් හි ඉරිදා ආරම්භ වන ෂැංහයි සහයෝගීතා සමුලුවට සහභාගී වීමට මෝදි මේ වන විටත් එහි ගොස් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39