spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොස්කව් ප්‍රහාරයෙන් මිය ගිය ගණන 93 දක්වා ඉහළට – සෘජු සැකකරුවන් 04ක් අත්අඩංගුවට

ඊයේ (22) රාත්‍රියේ රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවේ පැවති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 11 දෙනා අතර ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් හතරදෙනෙකු සිටින බව රුසියානු ආරක්ෂක ප්‍රධානියා අද (23) උදෑසන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත දන්වා තිබෙනවා.

එමෙන්ම ප්‍රහාරය සඳහා යොදාගත් බවට සැලකෙන පතොරම් සහ ආයුධ කිහිපයක් ද රුසියානු ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 03ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර මොස්කව් නුවර සිදු වූ මෙම ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?