මොස්කව් ප්‍රහාරයෙන් මිය ගිය ගණන 93 දක්වා ඉහළට – සෘජු සැකකරුවන් 04ක් අත්අඩංගුවට

ඊයේ (22) රාත්‍රියේ රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවේ පැවති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 11 දෙනා අතර ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් හතරදෙනෙකු සිටින බව රුසියානු ආරක්ෂක ප්‍රධානියා අද (23) උදෑසන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත දන්වා තිබෙනවා.

එමෙන්ම ප්‍රහාරය සඳහා යොදාගත් බවට සැලකෙන පතොරම් සහ ආයුධ කිහිපයක් ද රුසියානු ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 03ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර මොස්කව් නුවර සිදු වූ මෙම ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12