“මොරටුවේ ට්‍රේලා” නැමැති පුද්ගලයා හෙරොයින් මත්කුඩු සමඟ අඟුලාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් පමණ වයසැති අයෙක්.
සැකකරු ඩුබායි රාජ්‍යයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු සමඟ හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 900ක්, මත්ද්‍රව්‍ය හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 37,900ක්
පොලිස් භාරයට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ, විශේෂ මෙහෙයුම් අංශයේ නිළධාරීන් ලද තොරතුරකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඟුලාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.














MUNGE SHAREERA DAKKAMA KUDU GAHANA EWUN MISA WIKUNANA MAHA PARIMANA JAWARAM KALA EKEK LESA PENENNE NAHE, UN WIKUNANA EWAYIN MA UNWATH WINASA WENA HATI. GANJA GAHANA EKA TA HONDHATA BADAGINI WENAWA, UN HONDHATA KANAWA, UN KAEKKAWATH WALI DAGANNE NAHE, UNGE LOKAYE ATHAL EKA SOYAMIN INNAWA. ECHAHARAYI. GEDARA GIHIN WALI DA GANNE NAHE, AHALA PAHALA UN EKKA GEMA ILLANEN NAHE. OLUWA PATH KARAGENA UGGE PADUWE YANAWA. MATHPAN, HEROINE, ICE BEEPU EWUN WALIMA THAMAYI, KAPA KOTA GANNAWA KELAWARAK NAHE.