මොටෝ බයික් හොරා අල්ලයි

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් එම යතුරුපැදි සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

සැකකරු විසින් මෙලෙස රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනාකමකින් යුතු යතුරුපැදි අටක් සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හෝමාගම, කොට්ටාව, කැස්බෑව, පිළියන්දල සහ කහතුඩුව යන ප්‍රදේශවලින් සැකකරු මෙලෙස යතුරුපැදි සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අන්තර්ජාලය ඔස්සේ යතුරුපැදි විකිණීම සඳහා දැන්වීම් පළ කර ඇති ස්ථාන වෙත ගොස් යතුරුපැදිය පරීක්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු විසින් මෙලෙස සොරාගන්නා ලද යතුරුපැදි බොරලැස්ගමුව, පිළියන්දල ආදී ප්‍රදේශවල යතුරුපැදි අලෙවිකරණ ස්ථානවලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

තවත් යතුරුපැදියක කොටස් සැකකරු පදිංචි පිළියන්දල, මකුළුදූව ප්‍රදේශයේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙක් බවට හඳුනාගෙන ඇති අතර, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41