spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීගේ පුතාට පොලිසියේදී අමානුෂිකව පහර දීලා

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පැලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබෙනවා

සැකකරුවකු බැලීම සඳහා මිගාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් 10දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් වටවී ඉතා අමානුෂික ලෙසත් කෘර ලෙසත් තම පුත්‍රයාට පහරදී ඇති බවයි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසන්නේ

Update : – 2021 February 26 – 16.33

මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නිලධාරින් පිරිසක් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි. අදාළ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරින්ගේ වැඩ වහාම තහනම් කර පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන් අනතුරුවයි ඒ පිළිබඳ මෙලෙස විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?