spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව තමාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලබන මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පසුගිය දා නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?