මෙරට රෝහල් මුහුණපා ඇති කණගාටුදායක තත්වය

මෙරට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක හිඟයක්  මේ වනවිට  උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 මේ වනවිට තවත් රෝහල් කිහිපයක දැඩි ඖෂධ හිඟයක් හටගෙන ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

“2022 පළමු මාස 3ට ඖෂධ මිලදී ගැනීම සඳහා රටක් විදියට වියදම් කරලා තියෙන ප්‍රමාණය ගත්තොත් රුපියල් බියලියන 12.4යි. 20, 21 අවුරුදු 2කේ සමස්ථයක් විදියට ඖෂධ මිල දී ගැනීමට වියදම් කරපු මුදල අපි හතරෙන් බෙදුවොත් කාර්තුවකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 20ක් විතර ඖෂධ මිලදී ගැනීමට යොදවලා තියෙනවා. අපිට දැන් ප්‍රධාන වශයෙන් ඖෂධ ගත්තාම ජීවිත ආරක්ෂක ඖෂධ යම් ප්‍රමාණයක් තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ යම් ප්‍රමාණයක් තියෙනවා අත්‍යවශ්‍ය නොවන ඖෂධ යම් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යය‍ෙන් පරිහරණය කරන ඖෂධ ප්‍රමාණයක් තියෙනවා. මේ තුනම එකතු කරලා 1,146ක් විගණකාධිපති වාර්තාව අනුව. මැයි 13වනදා වනවිට මෙකෙන් වයිටල් ඩ්‍රග්ස් සහ අත්‍යවශ්‍ය ඖෂධ 200කට අධික ප්‍රමාණ්‍යක් මධ්‍යම ඖෂධ ගබඩාවෙත් මේ ඖෂධ නෑ. මෙඩිකල් අයිටම්ස්වලින් අපිට සියයට 56ක් අපිට හිඟයි. ලැබ් අයිටම්ස් 22% ක් 21% ක් ප්‍රමාණයක ගැටලුවක් තියෙනවා. ස්කෑන් කරන්න X ray ගන්න පාවිච්චි කරන ඒවා 40%ක් නෑ. මේ කියන්නේ මැයි අවසන් වන විට තිබුණ තත්ත්වය. බලධාරීන් දැන් හෙළිකරන්න ඕනේ දැන් තත්ත්වය හොඳ වෙලාද ? නරක වෙලාද? දැන් තියෙන විදියට මැයි වලටත් වඩා දරුණු තත්ත්වයකට ඇවිත් තියෙනවා. අනුරාධපුරය විතරක් නෙමේ. බදුල්ල, අම්පාර මහරගම අපේක්ෂා රෝහල ඖෂධ සම්බන්ධයෙන් දැඩි හිඟයකට මුහුණපාලා තියෙනවා. අපිට ඒ බව දැනුම් දීලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43
Video thumbnail
මඩකලපුව වැවකින් පිරිමි මළ සිරුරු දෙකක් හමුවෙයි
00:56
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51