මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි 04 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි 04 ක් ළග තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනෙකුව කරුවලගස්වැව සහ මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම – තබ්බෝව 09 කණුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබී ඇති මෙරට නිෂ්පාදය කරන ලද ගිනි අවියක් සහ සතුන් දඩයම් කිරීම සදහා අටවන ගිනි අවි 02 ක් කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත. එම ගිනි අවි ළග තබා ගෙන සිටි සැකකරුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගිනි අවි භාවිතා කරමින් සැකකරු වන සතුන් දඩයම් කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර,මහව – බක්මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේ තිබී මෙරට නිපදවන ලද බෝර 12 ගිනි අවියක් සහ එම අවියට යොදන ජීව උණ්ඩ 01 ක් මහව පොලීසියේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.ගිනි අවිය සහ ජීව උණ්ඩය ළග තබා ගෙන සිටි සැකකරුවද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගිනි අවිය සහ ජීව උණ්ඩය ළග තබා ගැනීමට හේතුව සැකකරු මෙතෙක් හෙළි කර නැත.

මහව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.