spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා වැයවන මුදල

මේ වසරේ මාස 05 ක් තුළ පමණක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් 3,521 කින් ඉහළ ගොස් තිබෙනවා.

2022 වසරේ ජනවාරි මාසයේ සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයකුට මසකට අවශ්‍ය අවම වියදම දැක්වූනේ රුපියල් අටදහස් නවසිය විසි තුනක් ලෙසයි. ඒ අනුව මාස හයක් තුළ එම අගය රුපියල් 3521 කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම කරුණු අනාවරණය වුයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ නවතම නිල ධරිද්‍රතා රේඛා සටහනට අනුවයි.2022 ජුනි මාසයට අදාලව මෙම දත්ත නිකුත් කර තිබෙනවා. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන වෙනම ගණන් බලා තිබෙනවා.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයකු හටයි ඒ සඳහා වැය වන මුදල රුපියල් 13421ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 13421 ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවස්ථා සපුරාලීම සඳහා වැයවෙන මුදල රුපියල් 13063 ක්. නුවර එළිය දිස්ත්රික්කයේ එම අගය 13087 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ද එම අගය 13012 ලෙසයි . මෙහි අවම අගය පවතින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේයි එම අගය රුපියල් 11889 වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?