spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙම වසර තුළ ඉලක්කය ඇමති හරීන් පහදයි

සංචාරකයින් ලක්ෂ දහයක් මෙම වසර තුළ දී දිවයිනට ගෙන්වා ගැනීමට බලාපොරෙත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඉන්දියාවේ අහමදාබාද්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන් වැඩි සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

මේ වන විට දෛනිකව සංචාරකයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමි‍ණෙමින් සිටින බවත්, එම සංඛ්‍යාව 7,000ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

යාපනය ගුවන්තොටුපළ හරහා ඉන්දියානු වන්දනාකරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?