spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙන්න මේ අයට විදෙස්ගතවීමට අවසර නෑ

රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනිමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු රැකවරණ වැඩපිළිවෙල සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවරු කිරිම අනිවාර්ය වේ. මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. 2022.06.27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇත.වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි  ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.

රැකියාවක් සඳහා විදේශ ගතවන කාන්තාවන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින/නොසිටින බව හෝ වයස අවුරුදු දෙකට වැඩි, අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින මව්වරුන් එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධ දිව්රුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම  නිලධාරි ලවා සහතික කර, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට  ලබාදිය යුතුය.එසේ සම්පුර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශිය ලේකම්  කාර්යාලයට අනුයුක්ත කර  ඇති සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) වෙතිත් තහවරු කරගත යුතු අතර එම නිලධාරියා විසින් සිදුකරන ලබන විදේශ ගත විම සඳහා නිර්දේශ කිරිම හෝ නිර්දේශ නොකිරිම පිළිබඳ   තොරතුරු  දුරකථන කෙටි පණිවුඩයක් මඟින් (SMS) කාර්යාංශය වෙත තහවුරු කළ යුතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?