මෘදු මත්පැන් අලෙවියට පැනවූ තහනම දින 2කට ලිහිල් වෙයි

මෘදු මත්පැන් අලෙවිය සඳහා දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන සඳුදා දක්වා ඉවත් කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් අලුතින් මෘදු මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඒ ආකාරයෙන්ම තව දුරටත් පවතින බවයි අධිකරණය සිය නියෝගයේ සඳහන් කර ඇත්තේ.

රට බීම බලපත් හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් අදාළ බලපත්‍ර නිකුත් කිරීම අත් හිටුවමින් පසුගිය 10 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූණා.

එහෙත් ඊට අදාළව අද මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කියා සිටියේ අදාළ අතුරු තහනම් නියෝගය හේතුවෙන් බදු වශයෙන් මාසිකව අයවිය යුතු රුපියල් මිලියන 207ක ආදායමක් අහිමි වන බවයි.

ඒ අනුව දිනකට රුපියල් මිලියන 6.9 කට ආසන්න බදු ආදායමක් අහිමි වන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මේ තුළින් මහජනතාවට ද අගතියක් සිදු වන බව සඳහන් කර තිබෙනවා.

මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබා ගෙන තිබෙන බව ද ඇය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අවිධිමත් කටයුතු සිදුවී ඇති ඇති බවයි.

සංචාරක කලාප සඳහා මෙම බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද කැබිතිගොල්ලෑව, ඌරාපොල ආදී ප්‍රදේශවලටත් මෙම මත්පැන් බලපත් නිකුත් කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රදේශ සංචාරක කලාපවලට අයත් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළා.

මෙම ඉල්ලීම තුළ කිසිඳු නීතිමය පදනමක් නොමැති බැවින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ මෙම නියෝගය හේතුවෙන් දිනකට රුපියල් මිලියන 6.9ක බදු ආදායමක් අහිමි වන්නේ නම් එය බරපතළ කරුණක් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල දැනට ලබාදී ඇති මෘදු මත්පැන් බලපත්‍ර අත් හිටුවීමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ලබන සඳුදා දක්වා ඉවත් කරන බව නියෝග කළා.

එසේම අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඒ ආකාරයට පවතින බවයි අධිකරණ නියෝගයේ සඳහන් වූයේ.

වැඩිදුර සලකා බැලීම සඳහා අදාළ පෙත්සම් ලබන සඳුදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55