මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

භූමිකම්පාව එරට වේලාවෙන් අලුයම 4.25ට සිදුව ඇති අතර, එහි අපිකේන්ද්‍රය මලුකු බරාත් ඩායා දිස්ත්‍රික්කයට කිලෝමීටර් 86ක් ඊසාන දෙසින් සහ මුහුදු පත්ලේ කිලෝමීටර් 131 ක් ගැඹුරින් ඇති ව තිබෙන බවවිදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම, මෙම භූමිකම්පාවෙන් ජීවිත හෝ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26