මුහුදු වෙරළේ ළමා උද්‍යානයක් මුහුදට බිලි ( ඡායාරූප )

මුහුදුකරයේ ජීවත් වන දරුවන්ට විවේකයෙන් ගත කිරීමට සහ ක්‍රියාශීලී දරුපරපුරක් බිහි කිරීමේ අදහස ඇතිව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල ඉදිකර ඇති ළමා උද්‍යානය සඳහා වැය කර ඇති මුදල නිශ්කාර්ය වියදමක් බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වෙයි.

මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් 927,000 කි.

2019 වසරේදී මෙරට පාලනය කරන ලද්දේ “යහපාලන” රජය විසින් වන අතර එම රජය විසින් ක්‍රියාත්මක කරන ලද “ගම්පෙරළිය” වැඩ සටහනට අනුව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල මෙම ළමා උද්‍යානය ඉදි කර තිබෙනවා.

මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර ඇතත් වැය වී ඇත්තේ රුපියල් 927,000 ක් පමණක් බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති විමර්ශණයකදී අනාවරණය වී තිබෙනවා.

තොඩුවාව මෝය ආසන්නයේ ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බිමක් (අනු රේඛා අංක PU/MHW/2016/122 නම් භූමිය) මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.

ළමා උද්‍යානයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති කාලයේ තොඩුවාව මෝය කටට දකුණු පසින් පිහිටි වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වෙමින් පැවතුණු බවත් දකුණු දිග වෙරළ තීරයෙන් ආරම්භ වූ මෙම මුහුදු ඛාදනය ඒ වන විට සීඝ්‍රයෙන් උතුරු දෙසට ව්‍යාප්ත වෙමින් පැවතුණු බවත් වාර්තාවනවා.

ඒ අනුව වැඩි දිනක් යන්නට පෙර තොඩුවාව මෝය පසු කරමින් උතුරු දෙසට ඇති මුහුදු වෙරළද ඛාදනය විය හැකි බවට අනුමාන කළ හැකි හේතු සාධක ඇති වන්නට විය.

මේ කිසිවක් මායිම් කර නොමැති දේශපාලකයින් සහ නිලධාරීන් ක්‍රියාශීලී දරු පරපුරක් බිහි කිරීම සහ ඔවුන්ට විවේකයෙන් කාලය ගත කිරීමට යැයි කියා මෙම භූමිය තෝරා ගෙන එහි ළමා උද්‍යානයක් ඉදි කර එම උද්‍යානය 2020 ජනවාරි මස 14 වැනිදා දරුවන් සතු කර ඇත්තේ ප්‍රදේශයේ දේශපාලකයින් සහ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිහිවටන පුවරුවක්ද නිරාවරණය කරමින්.

වැඩි කාලයක් ගත නොවීම තොඩුවාව මෝයට දකුණු දෙසින් පැවති මුහුදු ඛාදනය මෝය පසු කරමින් උතුරට ගමන් කරන්නට වූයේ ඊට දින කීපයකට පෙර විවෘත කරන ලද ළමා උද්‍යානය සහිත භූමියද විනාශ කරමිනි.මුහුද දිනෙන් දින ළමා උද්‍යානය සහිත භූමිය ගිල ගැනීම නිසා තම දරුවන් ඒ පැත්ත පළාතක නොයවන්නට දෙමව්පියන් කටයුතු කර ඇත්තේ කිසියම් අනතුරුක් සිදු විය හැකි බවට අනුමාන කිරීමට ඕනෑ තරම් කරුණු කාරණා තිබෙන නිසාය.

“ඉරණවිල ළමා උද්‍යානය හදන්න පටන් ගන්න කොට එම ප්‍රදේශයේ මුහුදු ඛාදනයක් ඇති වෙයි කියලා අපිට නිකමටවත් හිතුනේ නෑ.අනිත් එක තොඩුවාව මෝය ළගට හවසට වගේම සති අන්තයේ විශාල පිරිසක් එකතු වෙනවා.අන්න ඒ නිසා තමයි ඔය තැන අපි ළමා උද්‍යානයක් හදන්න තෝරා ගත්තේ.නමුත් ස්වභාව ධර්මය අපිට වෙනස් කරන්න බැරි නිසා දැන් ඒ භූමිය මුහුදට කඩා ගෙන යනවා.ඒ නිසා අපි තීරණය කලා බටහිර ඉරණවිල ළමා උද්‍යානයේ තියන දේවල් එකින් එක ගලවා ගෙන ගිහිං වෙනත් තැන් වල සවි කරන්න. රජය විසින් ඉදිකරන මේ වාගේ දේවල් වැඩ අවසන් වුනාට පස්සේ අපි කරන්නේ අදාල ආයතනවලට බාර දෙන එක.ඒ අනුව මේ ළමා උද්‍යානය නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට බාර දීලයි තියෙන්නේ.ඒ අයටත් යුතුකමක් තියනවා ළමා උද්‍යානය විනාශ නොවී රැක ගන්න කිසියම් වැඩ පිළිවෙළක් කරන්න…..”මේ සම්බන්ධයෙන් විමසූ විට මහවැව ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් පැවසුවාය.

නමුත් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වන නිමල් තිසේරා පවසන්නේ ඊට හාත් පසින්ම වෙනස් කථාවකි.”පට්ට පල් බොරු කථාවක් ඕක.ඔය කියන ළමා උද්‍යානය මේ වනතුරු නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට පවරලා නෑ.සභාවට පවරා නොමැති දේපලක් රැක ගන්න කටයුතු කරන්න අපිට බැහැ.අනිත් කාරණය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති වලට අනුව වෙරළ සීමාවේ සිට මීටර් 50 ක සීමාව තුළ කිසිදු ඉදිකිරීමක් කරන්න බැහැ.එහෙම නම් කොහොමද මුහුදු වෙරළ අයිනේම මේ ළමා උද්‍යානයක් හැදුවේ කියන කාරණය අහන්න තියනවා.මෙතන සිද්ධ වෙලා තියෙන්නේ දරුවන්ට සෙල්ලම් කරන්න තැනක් හදන එක නෙමෙයි. දේශපාලකයින්ට සල්ලි ගහ ගන්න වැඩක් කරපු එක විතරයි.”
කෙසේ හෝ දරුවන්ට යැයි කියා ඉදිකර ඇති බටහිර ඉරණවිල ළමා උද්‍යානය දවසින් මුහුදට බිළි වෙමින් පවතින්නේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න රජයේ මුදලක් හා දරුවන්ගේ සතුටද සමඟය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14