මුල් තරග 04 ම ලොස්ට් වුණත් ගේම අත්නොහැරි මුම්බායිවරුන් තවත් ජයක් සමගින් ලැයිස්තුවේ මුදුනට

ජායිපූර් හි දී ඊයේ (01) රාත්‍රියේ පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මුම්බායිවරුන් සමත් වුණා.

කාසියේ වාසිය දිනූ රාජස්ථාන්වරුන් පළමු ව පිතිකරණයට සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

එම ඇරයුමට ඉතා හොඳින් පිළිතුරු දෙමින් මුම්බායිවරුන් නියමිත පන්දුවාර 20 අවසාන කළේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 217ක් ලබා ගනිමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රියාන් රිකල්ටන් ලකුණු 61ක් ලබා ගත්තා.

රෝහිත් ෂර්මා ලකුණු 53යි.

නොදැවුණු ඉනිම් දෙකකට හිමිකම් කියූ සූර්‍යයකුමාර් යදව් සහ හර්දික් පාණ්ඩ්‍යා දෙදෙනාම පිළිවෙළින් ලකුණු 48 බැගින් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මහීෂ් තීක්ෂණ සහ රියාන් පරාග්ට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන්වරුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

ජොෆ්‍රා ආර්චර් පමණක් ලකුණු 30 සීමාවට පිත්තෙන් පැමිණියා.

කාර්න් ශර්මා සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු තුන බැගින් ද, ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් ඩීපාක් චහර් සහ හර්දික් පාණ්ඩ්‍යා විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් වැඩිම දස්කම් දැක්වූ රිකල්ටන් විසින් දිනා ගැනුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පැමිණෙන්නට මුම්බායිවරුන් සමත් වූයේ මුහුණදුන් තරග 11න් තරග 07ක් ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් හිමිකරගනිමින්.

අද (02) රාත්‍රියේ දී ගුජරාට් ටයිටන්ස්ට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද් තරග බිමට පිවිසෙනු ඇති.

ඒ අහමදාබාද් හි දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22