මුද්‍රණාලාධිපතිනියට නියෝග කිරීමේ බලය මැතිවරණ කොමිසමට තියෙනවා – පැෆරල් සභාපති

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලාධිපතිනියට නියෝග කිරීමේ බලය මැතිවරණ කොමිසමට ඇති බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

එම නියෝගය පැහැර හරින්නේනම් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට ද කොමිසමට හැකියාව තිබෙන බවයි ඔහු පැවසුවේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මුද්‍රණාලයට ප්‍රමාණවත් ආරක්ෂාවක නොමැති බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මීට පවසා තිබුණා.