spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදලට යටවුනු දරු සෙනෙහස

තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා නොගන්නා බවත් තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බවත් පවසමින් 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය.

ඒ අනුව එම පියාගේ දියණියන් හත් දෙනාවද පොලීසියට කැඳවූ අතර ඔවුන් පිලිබඳව සොයා බැලීමේදී අනාවරනය වී ඇත්තේ ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය වන බවයි.

තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කලද ඔවුන් පවසා ඇත්තේ පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙසයි.

මේ පිලිබඳ පියාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත් ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බවත් තමා අත මේ වනවිට කිසිදු මුදලක් නොමැති බවත්‍ ය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පැවසූවේ පොලීසියේ යෝජනාවට අකමැති වු බැවින් පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවයි.

කෙසේනමුත් පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් විසින් 82 හැවිරිදි එම පියා තාවකාලිකව රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?