spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුතුරාජවෙල මායිම් සලකුණු කරන්න රජයට මාස තුනක්

මුතුරාජවෙල රක්ෂිත ප්‍රදේශයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු නිම කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද රජයට මාස තුනක කාලයක් ලබා දුන්නා.

මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීති විරෝධී ක්‍රියා සිදුවන හෙයින් එය සුරක්ෂිත කිරීම සඳහා මායිම් සලකුණු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

ඒ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ මුතුරාජවෙල කලාපයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු තවමත් අවසන් කර ගැනීමට නොහැකි වූ බවයි.

ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ කාර්යය ඉටුකිරීම සඳහා කල් ලබා දෙමින් පෙත්සම් නැවත මැයි මස 22 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙම පෙත්සම් විභාගයේ දී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීදුව කටුනායක මහ නගර සභාව විසින් කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව මුතුරාජවෙල කලාපයට කැලි කසල බැහැර කරන බව අධිකරණය හමුවේ අවධානය යොමු කළා.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ඔහු නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?