මුතුරාජවෙල මායිම් සලකුණු කරන්න රජයට මාස තුනක්

මුතුරාජවෙල රක්ෂිත ප්‍රදේශයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු නිම කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද රජයට මාස තුනක කාලයක් ලබා දුන්නා.

මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීති විරෝධී ක්‍රියා සිදුවන හෙයින් එය සුරක්ෂිත කිරීම සඳහා මායිම් සලකුණු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

ඒ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ මුතුරාජවෙල කලාපයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු තවමත් අවසන් කර ගැනීමට නොහැකි වූ බවයි.

ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ කාර්යය ඉටුකිරීම සඳහා කල් ලබා දෙමින් පෙත්සම් නැවත මැයි මස 22 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙම පෙත්සම් විභාගයේ දී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීදුව කටුනායක මහ නගර සභාව විසින් කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව මුතුරාජවෙල කලාපයට කැලි කසල බැහැර කරන බව අධිකරණය හමුවේ අවධානය යොමු කළා.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ඔහු නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

  1. ME FOTO EKA DAKKATH HIHA COOOOOOL WELA YANAWA. ME CAMERA EYE EKATA HU UNA EYATA SATAHAN KALA HAKI SEEMITHA WARNA WALIN HADAPU FOTO EKAK. NAMUTH SEBE CHAMATHKARAYA SAHA APE ESA DAKINA WARNA CAMERA ASEN BOHO ASSEMANTHIKA WATAPITAWA SAHA ASEEMANTHIKA WARNA ASEEMITHAYI. BORUNAM ONEMA LASSAA DARSHANAYAK PIYAWI ASIN BALA ITA PASSE FOTO EKAK GANNA DAN FOTO EKAYI SEBE DARSHANYAYI SANSANDHANAYA KARANNA. WARNA KISIDAKA SANSANDANAYA KARANNAMA BAHE MEKA ODANNA OXYGEN MOKATADHA KIYALA AHAPU MEE HARAK RELAK EKKA INNA MEE HARAL AMATHILA MANTHIRI LA ME RATEY KEERTHIS, ARTHIKAYA WINASHA KARALA IWARAY. UN PARISARAYA WINASHA KARAMIN INNAWA. EYI NISA GODAK AYA KIYANAWA WAGEYI KATHIRE NOAHA INNA KIYALA MATA KIYANNA BAHE, GIHIN CANCEL KARALA ENAWA KIYANA GODATA MAMATH INNAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20