spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුජිබර් රහුමාන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තරගවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා තමන් සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙසයි.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාර නොගන්නා ලෙස දන්වමින් තේරීම් භාර නිලධාරීන් වෙත රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය මේ වන විටත් ඉල්ලා අස් කර ගෙන තිබෙන බව අධිකරණයට දන්වා සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේ පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විවිධාකාර බාධා පමුණුවමින් සිටින බැවින් පෙත්සම සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23දා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?