මීළඟ ජාතික ආණ්ඩුවේ අගමැතිකම හිටපු ජනපති ගෝඨාභයට ?

මීළඟ ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ ප්‍රබලයෙක් විශේෂ හෙළිදරව් කිරීමක් ද සිදුකර ඇති බව වාර්තා වනවා.

ලබන 24 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණෙන බවට රජයේ පාර්ශ්ව කිහිපයක්ම පසුගිය දා තහවුරු කරනු ලැබුවා.

ඒ, අනුව හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී මේ වනවිට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන සීතා අරඹේපොලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමන බවටයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින අතර, ජනතාව දැක් වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපතිවරයා අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

සති කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි ඔහු පසුගිය 11 වනදා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටව ගොස් තිබූ බව වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14