spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මීළඟ ජාතික ආණ්ඩුවේ අගමැතිකම හිටපු ජනපති ගෝඨාභයට ?

මීළඟ ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ ප්‍රබලයෙක් විශේෂ හෙළිදරව් කිරීමක් ද සිදුකර ඇති බව වාර්තා වනවා.

ලබන 24 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණෙන බවට රජයේ පාර්ශ්ව කිහිපයක්ම පසුගිය දා තහවුරු කරනු ලැබුවා.

ඒ, අනුව හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී මේ වනවිට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන සීතා අරඹේපොලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමන බවටයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින අතර, ජනතාව දැක් වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපතිවරයා අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

සති කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි ඔහු පසුගිය 11 වනදා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටව ගොස් තිබූ බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?