spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල අඩුවෙයි ද ? වැඩිවෙයි ද ? ඉන්ධන මිල සංශෝධනය අද

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (01) දිනයේ දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට ඉතා පහළ අගයක් ගෙන තිබෙනවා.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ට්විටර් සටහනක් තබමින් තොරතුරු අනාවරණය කළා.

එවන් පසුබිමක අද (01) දිනයේ දී සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඉන්ධන මිලේ අඩුවක් සිදුවනු ඇති බවයි පාරිභෝගිකයින්ගේ බලාපොරොත්තුව.

කෙසේ වෙතත් අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි මස 17 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?