මිලදී ගත් පළමු ලොතරැයියෙන් ම සරසවි සිසුවියකට සුපිරි ත්‍යාගය

කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ හි තරුණියක් ඩොලර් මිලියන 48ක ලොතරැයියක් ජයග්‍රහණය කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙම ටිකට් පත (lotto jackpot) ඇය තම ජිවිතයේ මිලදී ගත් පළමු ටිකට් පත වීමයි.

ජුලියට් ලැමෝර් (Juliette Lamour) නම් මෙම තරුණියට මෙතරම් විශාල ජයග්‍රහණයක් තිබියදීත්, ඇය පැවසුවේ වෛද්‍ය විද්‍යාලයට ගොස් පුහුණුවීම් සඳහා නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් තවමත් පසුවන බවයි.

“මට යන්තම් වයස අවුරුදු 18 යි, මගේ පියා මට විනෝදය සඳහා ලොතරැයි ටිකට් පතක් මිලදී ගැනීමට යෝජනා කළා, මම මීට පෙර කිසි දිනෙක ටිකට් පතක් මිලදී ගෙන නොතිබූ නිසා කුමක් ඉල්ලා සිටිය යුතු දැයි මම දැන සිටියේ නැහැ. මගේ පළමු ලොතරැයි ටිකට් පතේ මම සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කළා කියලා මට තවමත් විශ්වාස කරන්න බැහැ.”

මීට පෙර ද අවුරුදු 18ක තරුණ තරුණියන් ලොතරැයි ජයග්‍රහණය කර තිබුණ ද කැනේඩියානු ලොතරැයි ඉතිහාසයේ මෙතරම් විශාල ත්‍යාගයක් දිනාගත් ලාබාලතම පුද්ගලයා ලෙසටයි මෙම තරුණිය වාර්තා අතරට එක්වන්නේ.

ජනවාරි 7 වනදා දිනුම් අදිනු ලැබූ මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාගය දිනූ ජයග්‍රාහී ලොතරැයිය සෝල්ට් ස්ටී හි දී අලෙවි කර ඇති බවට මිතුරු මිතුරියන් පවසන තෙක් තමා ද ටිකට් පතක් මිලදී ගත බව අමතක වූ බවයි විශ්ව විද්‍යාල ශිෂ්‍යාව පැවසුවේ.

අනතුරුව මිතුරෙකුගේ දුරකථනයෙන් ඇයගේ ටිකට් පත ස්කෑන් කරන විට, Winner/Gagnant’ ජිංගල් එක වාදනය වීමට පටන් ගත් අතර, ‘Big Winner’ යනුවෙන් තිරය මත දිස්වී තිබෙනවා.

“මගේ සගයා විශ්වාස කළ නොහැකි ලෙස දණින් වැටුණා, “ඔහු කෑගැසුවා. ඇත්තටම හැමෝම කෑ ගැහුවේ මම ඩොලර් මිලියන 48ක් දිනුවා කියලා.”

සිදුවන්නේ කුමක් ද යන්න තමාට සිතා ගැනීමට නොහැකි වූ අතර මෙම සුබ පණිවුඩය දෙමව්පියන්ට දැනුම් දුන් විට ඔවුන්ට ද සතුට දරා ගැනීමට නොහැකිව හැඩු බවයි ජයග්‍රාහිකාව ප්‍රකාශ කළේ.

ඇයගේ මව සේවය ක් අරණ ස්ථානයේ සේවා මුරය අවසන් කර පැමිණීමට සුදානම් වුව ද ඇයගේ ප්‍රධානියා ඇයට දවසේ ඉතිරි කාලය සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

අවසානයේ මගේ දෙමාපියන් මා රැගෙන යාමට පැමිණි බවයි ඇය පැවසුවේ.

“ලොතරැයිය දිනීමට පෙර මට වෛද්‍ය විද්‍යාලයට යාමට අවශ්‍ය විය. දැන් මට ප්‍රදාන හෝ ණය ගැන කරදර නොවී මෙම සිහිනය හඹා යා හැකියි,” “Garden River First Nation ප්‍රජාවේ සාමාජිකයෙකු වශයෙන්, මම අධ්‍යාපනික ආධාර වැඩසටහන් සඳහා සුදුසුකම් ලැබූ නමුත්, එම සම්පත් තවදුරටත් මට අවශ්‍ය නොවේ, එනම් ප්‍රජාවේ වෙනත් අයෙකුට එම අරමුදල්වලින් ප්‍රතිලාභ ලැබිය හැකිය. මට ඇත්තටම වෛද්‍යවරයකු ලෙස නැවත මේ ප්‍රදේශයට පැමිණීමට අවශ්‍යයි,” යනුවෙන් ලමෝර් ප්‍රකාශ කර තිබෙනවා.

මූල්‍ය සැලසුම්කරුවෙකු වන ලමෝර්ගේ පියා එය ආයෝජනය කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට ඇයට උපකාර කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, යෞවනිය පැවසුවේ පාසල් වසර අවසන් වූ විට සංචාරයක නිරත වීමට ද තමන් සැලසුම් කරන බවයි.

“මම ‘වෙරළේ වාඩි වී සිටින’ ආකාරයේ පුද්ගලයෙක් නොවේ. මට විවිධ රටවල් අත්විඳීමට, ඔවුන්ගේ ඉතිහාසය සහ සංස්කෘතිය අධ්‍යයනය කිරීමට, ඔවුන්ගේ ආහාර අත්හදා බැලීමට සහ ඔවුන්ගේ භාෂාවට සවන් දීමට අවශ්‍යයි, ”ලමෝර් පැවසුවා.

ජුලියට් පැවසුවේ ඇයගේ මුදල් කළමනාකරු පියාගේ සහාය ඇතිව මුදල්වලින් වැඩි කොටසක් “ප්‍රවේශමෙන්” ආයෝජනය කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58