‘මිජවුම්’ බලපෑම දුර්වල වෙයි – පළාත් කිහිපයකට අදත් වැස්ස

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම සුළි කුණාටුවේ බලපෑම මත අද (06) දිනයේ මෙරට බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි දැනුම් දෙන්නේ.