spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිගාර ගුණරත්න පොලිසියෙන් ගුටිකෑවේ අයියා මල්ලී මාරුවෙලාද?

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති සිසුවෙකු වූ මිගාර ගුණරත්න නමැත්තාට පහරදීම සම්බන්ධ විමර්ශන පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත් කර විශේෂ විමර්ශන ඒකකයක් යටතට පවරන ලෙස අධිකරණය පොලිස්පතිවරයාට නියම කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතායි නියෝගය ලබාදුන්නේ. මිගාර ගුණරත්න නමැත්තා විසින් පොලිස් රාජකාරියට බාධා කර ඇතැයි කියන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී පසුගියදා නීති සිසුවෙකු වූ මිගාර ගුණරත්න නමැත්තාට එම පොලිසීයේදී පහර දිමට තරම් හේතු වු කාරණය සහ හඳුනාගන්නට නොලැබෙන අතර නීතී සිසුවෙකුවූ මිගාර කෙරෙහි පොලිසිය මෙතරම් උරණ වූයේ ඇයි ද යන්න ගැටලුවක්වී තිබුණි. නමුත් මේ ගැන වැඩිදුර විමසීමේදී පොලිසියේ නිලධාරීන් මිගාරගේ අයියා වන චරිත ගුණරත්න සමග පෙර ආරවුලක් තිබී ඇති බවත් චරිතගේ හැඩරුවම ඇති මිගාරව පැටලී මෙම පහරදීම සිදුකර ඇති බවත් අනුමාන කෙරේ.

මෛත්‍රි ගුණරත්නගේ වැඩිමහල් පුත් නීතීඥ චරිත ගුණරත්න පවසන්නේ පසුගිය 23 වැනිදා මුදල් වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිරිසක්
වෙනුවෙන් නෛතික කටයුතු කරන තම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාගේ උපදෙස් මත පෑලියගොඩ පොලිසියට ගිය තමන්ට මෙම අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට දැඩි සේ පහර දී ඇති බවත් එහිදී තමන් සමඟ ද මෙම පොලිස් නිලධාරීන් වාදයක පැටළුණු බවත්ය.

“මම විශේෂ අපරාධ විමර්ශන ඒකකයට යනවිට දැන ගන්නට ලැබුණා අපේ
සේවාදායකයන්ට දැඩි ලෙස පොලිසියේදී හිරිහැර කර ඇති බව. ඔවුන් මත්ද්‍රව්‍ය චෝදනාවලට පටළවන බවට පොලිසිය තර්ජනය කර තිබුණා. පොලිසිය කියන ආකාරයට කියන්නැයි දන්වා තිබුණා. මගේ සේවා දායකයාට ඇවිත් මේ තර්ජනය කරමින් සිටි පොලිස් නිලධාරියා කවර නිලයක කෙනකුදැයි මට හරියටම අවබෝධ කර ගන්න බැරිවුණා. ඔහු සිවිල් ඇඳුමින් සිටියෙ. මම ඔහුට සාජන් මහත්තයා කියල කතා කළේ මං මගේ නීතීඥ සංගමයේ නිල හැඳුනුම්පත පෙන්නුවා. ඔහු එය සටහන් කරගෙන මාත් එක්ක වාදයක පැටලුණා. මං ඇහුවා ඇයි සිවිල් ඇඳුමකින් ඇවිත් මෙහෙම තර්ජන කරන්නෙ කියා. ඔහු මට චෝදනා කළා බීමත්ව සිටිනවා කියල.

මම කීවා එසේ නම් ඒ බව තහවුරු කර ගන්න මාව පරීක්ෂණයට ලක් කරන්න කියල. මගේ වෘත්තීයභාවය පිළිබඳවත් කිසිදු තැකීමක් නැතිව මට ඉවත් වන ලෙසට තර්ජනය කළා. මේ නිසා මම ඔවුන්ගේ වෘත්තියභාවයක් නොමැති හැසිරීම් පිළිබඳව ශ්‍රි ලංකා නීතීඥ සංගමයට පැමිණිලි කළා. ඒ වගේම අදාළ පොලිස් අංශත් දැනුවත් කළා. අපේ සේවා දායකයා සිටි තත්ත්වය අනුව ඔහුගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය දෙයක් බව ඔවුන් විශ්වාස කළා. මේ නිසා තමයි මම පසුගිය 25 වනිදා නීතී විද්‍යාලයයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයක් වන මගේ මල්ලී ,මිගාර මෙම සැකකරුවාට රාත්‍රි ආහාරද සමඟ එතැනට යැව්වේ. ඔවුන්ට එදා මල්ලිවයි මාවයි පැටලිලා. තමුසේ එදාත් දැම්මනේ සද්දේ දැන් කෝ සද්ද කියල වැරදීමකින් තමයි මල්ලිට මේ විදිහට අමානුෂිකව පහර දී තිබෙන්නේ. තාත්තාගෙ නම කියන කොට තමයි පහරදීම නවත්තලා තියෙන්නේ“

පැමිණිල්ල වැඩිදුර කැඳවීම ලබන 15 වනදා සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?