මැතිසබය ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සභාවාර‍යට අදාළ පළමු රැස්වීමේදී මේ බව තීරණය වී තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 21 වැනිදා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ අංක 2245/29 , 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග 04ක් සහ සමාගම් පනත යටතේ අංක 2303/07 දරණ ගැසට් පත්‍රයේ පළකළ නියෝගය විවාදයට ගැනීමට නියමිතයි.

පෙබරවාරි 22 වැනි බදාදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2299/46 සහ 2299/47 දරණ ගැසට් පත්‍රවල සදහන් නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

පෙබරවාරි 23 වැනි බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2309/40, 2311/08 සහ 2311/18 දරණ ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි ත්‍රිත්වයක් මෙන්ම සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසුවා.

ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත්කෙ ටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි 24 වැනි සිකුරාදා වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04