spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම තවත් කල් යයි

මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම තවත් දින කිහිපයකින් කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය අද නිකුත් කළ නියෝගය හේතුවෙනුයි මෙලෙස දිනයක් තීරණය කිරීම කල්දමා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ අධිකරණය ලබාදුන් තීන්දුව අනුව මුදල් අමාත්‍යංශය ඇතුලු අදාළ ආයතන සමග සාකච්ඡා කර ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර ලබන 9 වනදාට පෙර ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අද තහනම් නියෝගයක් නිකුත් කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

Eletion Letter scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?