මැතිවරණය වෙනුවෙන් අනීතික ක්‍රියා තහනම් කිරීමට පොලීසියට බලය

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කළ අනීතික රැස්වීම් තහනම් කළ ද, මැතිවරණ පනත අනුව මෙවැනි වරදකාරී ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලීසිය වෙත පැවරී ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කේ අදාළ පුද්ගලයින් හා සිදුවීම් පිළිබඳව පොලීසියට වාර්තා කිරීම පමණක් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි හිමිකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග අද (04) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ දී පැවැත්වූ සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස සඳහන් කළා.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කෙරෙන පසුබිම සකසා ගැනීමට ඔවුන්ට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන ලෙසයි.

මේ සඳහා සමාජ මාධ්‍යවලට මේ වන විට වැඩි වගකීමක් හිමිව තිබෙන බවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන දෝෂ සහිත සාවද්‍ය තොරතුරු පැතිරීම අවම කරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහාය දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළා.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කරන අනීතික රැස්වීම්, උත්සව, සාද වටලා ඒවා තහනම් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඒ සඳහා කිසිදු නෛතික හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැති බවයි.

එමෙන්ම ප්‍රධාන නාලිකා තුනක් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඔවුන් කොමිසමට කැඳවා මේ පිළිබදව කරුණු විමසන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16