මැතිවරණය වෙනුවෙන් අනීතික ක්‍රියා තහනම් කිරීමට පොලීසියට බලය

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කළ අනීතික රැස්වීම් තහනම් කළ ද, මැතිවරණ පනත අනුව මෙවැනි වරදකාරී ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලීසිය වෙත පැවරී ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කේ අදාළ පුද්ගලයින් හා සිදුවීම් පිළිබඳව පොලීසියට වාර්තා කිරීම පමණක් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි හිමිකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග අද (04) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ දී පැවැත්වූ සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස සඳහන් කළා.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කෙරෙන පසුබිම සකසා ගැනීමට ඔවුන්ට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන ලෙසයි.

මේ සඳහා සමාජ මාධ්‍යවලට මේ වන විට වැඩි වගකීමක් හිමිව තිබෙන බවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන දෝෂ සහිත සාවද්‍ය තොරතුරු පැතිරීම අවම කරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහාය දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළා.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කරන අනීතික රැස්වීම්, උත්සව, සාද වටලා ඒවා තහනම් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඒ සඳහා කිසිදු නෛතික හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැති බවයි.

එමෙන්ම ප්‍රධාන නාලිකා තුනක් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඔවුන් කොමිසමට කැඳවා මේ පිළිබදව කරුණු විමසන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05