මැතිවරණය කැඳවූයේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවයෙන් බව කොමිසමේ සභාපති කියයි

තම කොමිසම මැතිවරණය කැඳවනු ලැබුවේ එහි සියලු සාමාජිකයන්ගේ එකඟතාවයෙන් නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි.

මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට මුදල් ලබා නොදීම හේතුවෙන් 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියේ මැතිවරණයක් පවත්වන දිනයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

ජාතික මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව මැතිවරණයක් කැඳවා නොමැති බවත් මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම හමුවේයි කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා ඇති විවාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ කල් දැමීය සඳහා මැතිවරණයක් නොමැති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ගොනුකළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 11 වැනිදාට කල් තබනු ලැබුවා.

එම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේයි කැඳවනු ලැබුවේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර කිසිදු බෙදීමක් නොමැති බව එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී යි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර බිඳීමක් පවතින බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කළත් එවැනි බෙදීමක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.

භාණ්ඩාගාර ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබූ අතර, ඔහු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයේ පෙනී සිටියා.

මුදල් ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ඉල්ලා සිටින පරිදි තවත් මුදල් ලබාදීමට හැකියාවක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38