මාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක් – වෛද්‍ය සැපයුම් සඳහා බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදුකිරීමට නියමිත යි.

යෝජිත වෛද්‍ය පනත මඟින් දැනට පවතින වෛද්‍ය ආඥාපනතේ අඩුපාඩු මග හැර ගනිමින් මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කල හැකි බවයිජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (02) ජනාධිපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඒ වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කර අත්‍යාවශය ඖෂධ ක්‍රමවත්ව සහ කඩිනමින් ලබා ගැනීම නිශ්චය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

ඖෂධ බෙදාහැරීම සහ ලේඛනගත කිරීම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රයත්නයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර, සති දෙකකට පෙර පැවති සාකච්ඡාවේදී තීන්දු කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදා හැරීම පිළිබඳ එසැණ තොරතුරු ලබා දීමට වෙබ් පාදක ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබුවා.

මීට අමතරව හෙද සේවය සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් වත්මන් සෞඛ්‍ය සේවා අවශ්‍යතා සමඟ සමපාත වන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලා විෂය ධාරාවේ සුදුසුකම් ඇති පුද්ගලයින් හෙද සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරනු ලැබුවා

මීට අමතරව, වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත 4 මිණුම් දණ්ඩ සහිත රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ යෝජනා ඉදිරිපත් ක‍රන ලෙසටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත උපදෙස් දුන්නේ.

මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ , භාවිතයට ගත නොහැකි රෝහල් උපකරණ සහ වසර දෙකක් ඇතුළත කල් ඉකුත් වන හෝ , ඉවත් කරන උපකරණ හෝ, ඒ ආශ්‍රිත ද්‍රව්‍ය – භාණ්ඩ, ලැයිස්තුවක් වහාම ඉදිරිපත් කරන ලෙසටයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවති සේවක හිඟය මේ වන විටත් විසඳා ඇති බව මෙහිදී අනාවරණය වුණා.

එසේම සියලුම පුරවැසියන් වෙනුවෙන් ශක්තිමත්, කාර්‍යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් යෝජිත ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29
Video thumbnail
ජනපතිගේ කතාව මැද සිදුවූ දේ..රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
03:10
Video thumbnail
අල්ලස් කොමිසමට ආ දයාසිරි අනතුරු අඟවයි
11:51
Video thumbnail
ජනාධිපතිතුමා රණවිරුවන්ව සමරන්න එයි
01:43
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23