මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති සහ රියදුරා යළි රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 2ක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේදීයි පසුගියදා සභාපතිවරයා සහ රියදුරා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගැනුණේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් වන මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනුනේ ගොඩනැගිලි සැලසුමක් අනුමත කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීයි.