මාතර බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය විසි කළ අයෙක් අත්අඩංගුවට

මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් සිට බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය විසිකළ අයෙකු රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන තාප්පයට පිටතින් ඇති අංක 02 මුර අට්ටාලට අසල මාර්ගයේ සිට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බන්ධනාගාර තුළට යම් පාර්සලයක් විසි කරනු දුටු නිලධාරියෙක් කළ දැනුම් දීමකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුර අට්ටාලයේ දැඩි සෝදිසියෙන් රාජකාරී සිදු කළ නිලධාරීයා මෙම සිදු වීම නිරීක්ෂණය වී දැක්වු ප්‍රතිචාරයට අනුව ආසන්නයේ පිහිටි රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිලධාරින් විසින් එක් පුද්ගලයෙකු ඔවුන්ගේ භාරයට ගෙන බන්ධනාගාර නිලධාරීන්ට භාර දී තිබෙනවා.

අදාළ පාර්සලයේ තිබී අයිස් යැයි සැක කළ හැකි පැකට් 01ක්, හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 01ක්, සිම්පතක්, ලයිටර් 02ක්, ජංගම දුරකථන බැටරි 02ක් සහ දුම්කොළ 10ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන අදාළ පුද්ගලයා සහ තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිසියට භාරදුන් බවයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය මගින් ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14