මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් ඇති අංක 02 මුර අට්ටාලට අසල මාර්ගයේ සිට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බන්ධනාගාර තුළට යම් පාර්සලයක් විසි කර තිබෙනවා.
ඒ අනුව, අංක 02 මුර අට්ටාලයේ දැඩි සෝදිසියෙන් රාජකාරී සිදු කළ නිළධාරීයා මෙම සිදු වීම නිරීක්ෂණය වී නිලධාරීයා දැක්වු ප්‍රතිචාරයට අනුව ආසන්නයේ පිහිටි රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිළධාරින් විසින් එක් පුද්ගලයෙකු ඔවුන්ගේ භාරයට ගෙන බන්ධනාගාර නිළධාරීන්ට භාර දී තිබුණා.
බන්ධනාගාරය තුළ විසිකළ පාර්සලයේ තිබී අයිස් යැයි සැකකළ හැකි පැකට් 01ක්,හෙරොයින් යැයි සැකකළ හැකි පැකට් 01ක්,සිම්පත් 01ක්, ලයිටර් 02ක්, ජංගම දුරකථන බැටරි 02ක්, දුම්කොළ 10 ක්
අත්අඩංගුවට ගෙන අදාළ පුද්ගලයා සහ තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සදහා මාතර මූලස්ථාන පොලිස්ථානයට භාරදෙන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය මගින් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
