spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම ගැන ජනපති දන්නේ නැහැලු

මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් තමාව ද දැනුවත් කර නොතිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්‍රධානීන් ඊයේ (04) දින කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමාව පවා දැනුවත් නොකර සිදුකරගත් මේ වැටුප් වැඩිකර ගැනීම බරපතල කාරණයක් බවයි.

ඊයේ (04) සවස මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අදාළ වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

එහිදී තීරණය කෙරුනේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මහ බැංකු නිලධාරීන් අද (05) පෙරවරුවේ කැදවීමටයි.

එලෙසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම පිළිබඳව තමාව ද දැනුවත් නොකර සිදුකර ඇති බවට එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ද අදාළ සිදුවීමට සිය විරෝධය පළකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
0
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?