මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම ගැන ජනපති දන්නේ නැහැලු

මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් තමාව ද දැනුවත් කර නොතිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්‍රධානීන් ඊයේ (04) දින කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමාව පවා දැනුවත් නොකර සිදුකරගත් මේ වැටුප් වැඩිකර ගැනීම බරපතල කාරණයක් බවයි.

ඊයේ (04) සවස මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අදාළ වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

එහිදී තීරණය කෙරුනේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මහ බැංකු නිලධාරීන් අද (05) පෙරවරුවේ කැදවීමටයි.

එලෙසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම පිළිබඳව තමාව ද දැනුවත් නොකර සිදුකර ඇති බවට එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ද අදාළ සිදුවීමට සිය විරෝධය පළකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46