මහ බැංකුව දැඩි පියවරක් ගනී

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබාදී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බව අනාවරණය වූ බවද පැවසීය.

එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කරගත් බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ස්විස් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම 
කොළඹ 01
ප්‍රධාන කාර්යාලය සහ කොළඹ 06 ශාඛාව

වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම කොළඹ 06

වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් ඉහත මුදල් හුවමාරු කරන්නන්හට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බවද දැනුම්දෙයි.

  1. හපොයි මාර වැඩක් නේ කරලා තියෙන්නේ , එහෙනම් මහ බැංකුවේ buying රේට් එකට වඩා අඩුවෙන් දෙන චාටඩ් බැංකුව ත් වහලා දාන්න ඕනෑ . උන්ගේ web එකේ එදිනෙදා rates මහ බැංකුව සමග සසදා බලන්න . පිටරටින් එවන්න මිනිස්සු ගේ සල්ලි වලින් හොරකම් කරනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23