AFC Banner
Empty Ad
Empty Ad

මහ පරිමාණයෙන් කාබනික පොහොර හදාදෙන්න විදෙස් කණ්ඩායමක් ලංකාවට

යල කන්නයේ සිට මෙරට වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට මැලේසියානු ආයෝජකයින් කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වූ මෙම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය 8%ක් පමණ අඩංගු වන ආකාරයට යෝජිත කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බවය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැලේසියාව දියුණු තාක්ෂණය යොදාගෙන වර්ෂය පුරා කෘෂිකර්ම කටයුතු කරන නිසා එරටේ දියුණු තාක්ෂණය මෙරට කාබනික වගාව සඳහා යොදා ගැනීමට අවස්ථාව ලබා දීම සතුටට කාරණයක් බවය.

කෙසේ වුවද යෝජිත පොහොර නිෂ්පාදනය පිළිබඳව අංග සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි පොහොර ප්‍රමාණය, ඒ සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, මෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශවය අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මෙම ආයෝජකයින් පිරිස සමඟ ලංකා පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ද අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටියහ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?