මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථය පැහැරගෙන පුද්ගලයෙකු පලායයි

පුද්ගලයෙකු විසින් මහේස්ත්‍රාත්වරයෙකු නිවසක සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ දී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මහේස්ත්‍රාත්වරයාගේ නිවස කුලී පදනම මත ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙක් මහේස්ත්‍රාත්වරයා එම නිවසේ උඩුමහලේ සිරකර මෙලෙස සුඛෝපබෝගී මෝටර් රථය පැහැර ගෙන ගොස් තිබෙනවා.

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස කුලී පදනමට ලබාදීම සඳහා මහේස්ත්‍රාත්වරයා දැන්වීමක් පළකර ඇති අතර, ඒ අනුව ඊයේ (11) දින පුද්ගලයෙකු එම නිවස බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ගැනුම්කරුවාට නිවස පෙන්වීම සඳහා මහේස්ත්‍රාත්වරයා සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් අදාළ නිවසට පැමිණ තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නිවස පෙන්වන අතරතුරු අදාළ පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා නිවසේ උඩුමහලේ සිරකර මෝටර් රථය රැගෙන පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13