මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සම ගැන තීරණය ලබන 10 දා වනදා තෙක් කල් යයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද ? නැද්ද ? යන තීරණය සහ පෙත්සමින් ඉල්ලා තිබෙන විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය පිළිබඳ තීරණය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පෙත්සම්කාර මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කිරීම හේතුවෙන් එම විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නඩුකරය ඉදිරිපත් කිරිමට සිය සේවාදායකයින් කටයුතු කළ බවත් ඊට එම කොමිසමේ සාමාජිකයින් සියලු දෙනා අනුමැතිය ලබා දී තිබූ බවත් ඔහු කියා සිටියා.

වග උත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු මෙම නඩුකරය පවත්වාගෙන යාමට එකගත්වය පළ කර නොමැති බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව විදුලිය කප්පාදු නොකරන ලෙස නඩු පැවරීමට මහජන උපයෝගිතා කොමිසම මෙවර කටයුතු කර තිබුණද ඉකුත් වසරේ උසස් පෙළ විභාගය පැවැති සමයේ පැය 06ක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට එම කොමිසම අනුමැතිය ලබා දී තිබූ බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කර තිබෙනවා.

වග උත්තරකාර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදයකාරී තත්වය හමුවේ පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කළ නොහැකි බවයි.

දශක ගණනාවක් මහජනයාට සහනාධාර මත අවම මිලකට ඉන්ධන සැපයීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අනතුරුව සිය තීරණය ප්‍රකාශ කිරීම මේ මස 10 වනදා දක්වා කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14